ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්ෂිත බවත් ඒවා තත්ත්වයෙන් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආනයනය කරනු ලබන කිරිපිටි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරීක්ෂාකිරීමේ වැඩසටහනේ අනිවාර්ය ආහාරයක් ලෙස ඇතුළත් කර ඇති බවයි.
එසේම කිරිපිටි නැව් තොග සමග ඊට අදාළ රසායනික හා බැක්ටීරියානුවේදී පරීක්ෂණ වාර්ථා ඉදිරිපත් බවත් රඑම වාර්ථා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රසායනාගාරවල පරීක්ෂා කිරීමෙන් පසුව බවත් නිකුත් කරනු වාර්ථා අනුව අපනයනය කරනු ලබන රටවල් වග කියන බවත් ඔහු පවසයි.

