රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබෙනවා.
මෙම සැකකාර විදුහල්පතිනිය පළමු වන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනිම සඳහා ගාල්ල, මකුළුව ප්‍රදේශයේ මවකගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් විදුහල්පති කාමරය තුලදී ලබා ගනිද්දි ඊයේ (13) සවස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ෆර්හාන් නිසාම්දින්