සිංගර් ක්‍රිකට් තරඟාවලියේ වයස අවු 13න් පහළ දෙවන කොටසේ ශූරතාව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය විසින් දිනාගනු ලැබුවා.
ඒ ඊයේ (12) කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සමඟ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී
පැවති අවසන් මහා තරගයේ ප්‍රථම ඉනිමේ ජය වාර්තා කරමින්.
පළමුව කාසියේ වාසිය දිනාගත් ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම කඬුලු 09ක් දැවී ලකුණු 110ක් රැස් කරගනිමින් සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.
එහිදී ලියාන් තිරිමාන්න ලකුණු 47ක් සහ රමිත එල්ලාවල ලකුණු 23ක් රැස් කරගනු ලැබුවා.
ලිඳුල නුවංග 4/13 සහ සෙනිරු නිඳුවර 2/15 ලෙස පන්දු යැවීමෙන් දස්කම් දැක්වුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ විද්‍යාලෝක කණ්ඩායම ඊයේ දිනය අවසානයේ තරඟය නිමා කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 112ක් රැස් කරගනු ලැබුවා.
එහිදී ප්‍රභාත් කුමාර නොදැවී ලකුණු 24ක් රැස් කරගත් අතර යතීන්ද්ර සිරිවර්ධන ලකුණු 30කට කඩුලු 03ක් ලබාගත්තා.




