Home Entertainment වැලන්ටයින් ගැන අහලා නැති අමුතු කතා

වැලන්ටයින් ගැන අහලා නැති අමුතු කතා

702
0

කවුද මේ වැලෙන්ටයින් ?
පෙම්වතුන්ගේ නිදහස වෙනුවෙන් කැපවුණු ක්‍රිස්තියානු පුජකවරයෙකු වන ශාන්ත වැලන්ටයින් පුජකවරයා සිහිපත් කිරීම උදෙසා මෙම වැලන්ටයින් දිනය සමරනු ලැබෙනවා කියලයි ඉතිහාස කතාවෙනම් තියෙන්නේ.එත් තව එක එක කතා රැසක් ඉතිහාසයේ නම් සදහන් වෙනවා.එත් ප්‍රදාන වශයෙන් නම් ඉතිහාසයේ සටහන් කතාව අපි ඔබට ගෙන එන්නම්.

රෝමයේ ජීවත්වූ වැලන්ටයින් පූජක තුමා වෛද්‍යවරයකු ලෙසද කටයුතුකළ අයෙකි. රෝමය පාලනය කරනු ලැබූ ක්ලොඩියස් නම් කෲර පාලකයාගේ පාලන සමයේ දී තරුණ තරුණියන්ගේ විවාහයට බාධා ඇති විය.ඒ තමන්ගේ හමුදාවේ උන්නු සෙබළුන් අවිවාහකව සිටිය යුතුයි කියලා නීතියක් පනවලා තියෙනවා. මේකට හේතුව විවාහක සෙබළුන්ට වඩා, අවිවාහක සෙබළුන්ගේ ක්‍රියාශීලී බව ඉහළයි කියන විශ්වාසය ඔහුට තිබුණු නිසා. ඉතින් මේ කාරණාවේ අසාධාරණ බව දැකපු ශාන්ත වැලන්ටයින් නම් පූජකවරයෙක් ඒ අණ නොතකා, රහසේ ම සෙබළුන් ව විවාහ කරවන්න කටයුතු කරලා තියෙනවා.

මේ නිසාම පූජකතුමා ක්ලෝඩියස්ගේ උදහසට ලක්ව දඟගෙයි දුක් විඳ ක්‍රි.ව. 270 අද වැනි දිනක දී ලෝකයෙන් සමුගත්තේ ය.

ඔහු පෙම්වතුන් වෙනුවෙන් කරනු ලද සේවය උදෙසා පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනය ලෙසින් නම්කොට ඔහුව සමරනු ලබන බවයි පැවසෙන්නේ .

වැලන්ටයින් දිනය ගැන තවත් කතා බොහොමයක් රස කතා තියෙනවා.ඉන් එකක් තමයි වැලන්ටයින් දිනයේදී සිදුවන විවාහයන් වැඩි හරියක් ආසර්ථක වීමට වැඩි ඉඩකඩක් තියෙනවා කියලා සමීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙනවා.

වැලන්ටයින් මිනිස්සු අතර ගොඩාක් ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නේ නම් 1900 ගණන් වල එංගලන්තයේදී තමයි

වැලන්ටයින් දිනයේදී බොහෝ පෙම්වතුන් චොකලට් හුවමාරු කරගන්න එක ප්‍රසිද්ධ කාරණාවක්නේ.මේ විදිහෙ මුල්ම වැලන්ටයින් චොකලට් පෙට්ටිය විකිණුනේ 1868 අවුරුද්දේ කියල තමයි දැනගන්න ලැබෙන්නෙ.

පළමුවෙනි වැලන්ටයින් සුබපැතුම විදියට සැලකෙන්නේ 1415දී ලියන ලද්දකි මෙය ලියා ඇත්තේ ඕර්ලීන්ස් නගරයේ ඩියුක්වරයා වුණු චාර්ල්ස්ය.ඒ තමන්ගේ බිරිඳට යවපු හසුන්පතයි. ලන්ඩන් ටවර් සිරගෙදර සිරබත් කන ගමන් ඔහු ලියපු මේ ලියුමක් වන අතර අදටත් ලන්ඩනයේ බ්‍රිටිෂ් පුස්තකාලයේ දැකගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here