රුපියල් මිලියන 1536ක ආයෝජනයෙන් මාළිඟාවත්තේ ඉදිකරන ලද ”ලක්හිරු සෙවණ” මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස ඒකක 384ක් ඊයේ (12) දින ජනතා අයිතියට පත්කෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙම නිවාස සංකීර්ණය මහල් 11කින් සමන්විත වන අතර එක් නිවසක් නිදන කාමර 02කින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින්, සඳලුතලයකින් සහ සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි.
නිවැසියන්ගේ පහසුව සඳහා විදුලි සෝපාන, ප්‍රජාශාලා සහ අනෙකුත් අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 192ක් ජනතා අයිතියට පත් කර තිබෙනවා.






