මන්නාරම, නගර මධ්‍යයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක ඊයේ (12) රාත්‍රියේ හටගත් ගින්නකින් වෙළඳ සැළ තුළ තිබු භාණ්ඩ රැසක් විනාශ වි ගොස් ඇති බව මන්නාරම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ඊයේ (12) රාත්‍රි 8.00ට පමණ ගින්න හටගෙන තිබු අතර, ගින්න හේතුවෙන් වෙළඳ සැළ ලක්ෂ ගණනාවක් වටිනා භාණ්ඩ තොගයක් විනාශ වි ඇති බවයි.
ගින්න සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිස් නිළධාරීන් වෙත දැනුම්දීමෙන් අනතුරුව ප්‍රදේශයේ පොලිස් නිළධාරීන්, යුධ හමුදා නිළධාරීන්, මන්නාරම නගර සභා නිළධාරීන්, නාවික හමුදා නිළධාරීන් පැමිණ ගින්න නගරයේ අනෙක් ව්‍යාපාර ස්ථාන වෙත පැතිරයාම වැළැක්වීමට කටයුතු කළ බවද පොලිසිය සදහන් කළා.
පොලිසිය පැවසූවේ මන්නාරම ප්‍රදේශයේ ගිනි නිවන ඒකකය නොමැති බැවින් වවුනියාව නගර සභා ගිනි නිවීම් ඒකකය වෙත දැනුම්දීමෙන් අනතුරුව වවුනියාව ගිනි නිවිම් ඒකකය රාත්‍රි 10.30ට පමණ පැමිණ ගින්න නිවා දැමු බවයි.
මන්නාරම නගර සභා හා පොලිසිය සතු සාමාන්‍ය ජල බවුසර රථ යොදාගෙන වතුර යොදා ගනිමින් ගින්න පැතිරයාම වැළැක්වීමට කටයුතු කළ බවද පොලිසිය සඳහන් කර සිටියා.
ගින්න හේතුවෙන් සිදුවු විනාශය මෙතෙක් තක්සේරු කොට නොමැති අතර අද (13) ගින්නෙන් විනාශ වු දේපළ සම්බන්ධයෙන් තක්සේරු කරන බවයි පොලිසිය පැවසුවේ.




මාධව කුලසූරිය