ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිම සදහා අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂයක මුදලක් විදුහල්පතිනියගේ කාමරයේදී මවකගෙන් ගන්නා අවස්ථාවේදීයි විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාර විදුහල්පතිනිය වැඩිදුර පරීක්ෂණ සදහා ගාල්ල පොලීසියට භාරදීමට නියමිතව තිබෙනවා.
ෆර්හාන් නිසාම්දින්