ශ්‍රී ලංකාව වෙත ගම්මිරිස්, කරුංකා, සාදික්කා/වසාවාසි, සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවීමටත් එම කුළුබඩු ඉන්දියාව හා පාකිස්තානය වෙත ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකාවට ආනයනය කරන ගම්මිරිස් හා කරුංකා ඉංදියාවටත්, ආනයනික සාදික්කා/වසාවාසී පාකිස්ථානයට ප්‍රතිඅපනයනය කරනු ලබනවා.
එසේම ශ්‍රී ලංකාවේ කුරුඳු වංචනිකව අපනයනය කරන බවත් මේ හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් සඳහන්.
ඒ අනුව මෙසේ ඉහත සඳහන් කුළුබඩු ආනයනයත් ප්රතිඅපනයත් නැවැත්වීමට පියවර ගැනීමට නියමිතයි.