ඉරාකය විශාලතම අයි එස් ත්රස්තවාදී කණ්ඩායමක් අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.එසේ අල්ලාගෙන ඇති ගණන 186ක් බවටයි වාර්තා වෙන්නේ.ඉරාකයේ බස්නාහිර පළාතේ අන්බාර් ප්රදේශයේදී ත්රස්තවාදීන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත..
මරාගෙන මැරෙන ප්රහාර සඳහා වගකිව යුතු ත්රස්තවාදීන් මෙම පිරිස අතර සිටින බවටයි සදහන් වෙන්නේ.. ඔවුන් මාර්ග බෝම්බ සහ හමුදා භටයින් ඝාතනය කිරීම සැලසුම් කරගෙන ඇති බව වාර්තා වේ.