ශ්රී ලංකාවට බලපෑම් රැසක් වුනු තීරණ කිහිපයක් අද දින සිදුවුණි.ඒ ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ය.
තරගයේ දෙවැනි පන්දුවාරය යොමුකළ විශ්ව ප්රනාන්දුගේ අවසන් පන්දුවේදී දකුණු අප්රිකානු පිතිකරු හෂීම් අම්ලා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට සමත් විය .
කෙසේ වෙතත් මේ සඳහා විශ්ව ප්රනාන්දු දැඩි ඉල්ලීමක් කළත් විනිසුරු විසින් එය ඉවත දමන ලදී. වී නිසුරු තීරණයක් නැවත විමසිය යුතු තත්ත්පර 15ක් තුළ එම ඉල්ලීම නොකළ බව සඳහන් කරමින් ශ්රී ලංකා නායක දිමුත් කරුණාත්න විනිසුරු තීරණය නැවත විමසීම විනිසුරු අලීම් ඩාර් විසින් ප්රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න එම ඉල්ලීම කර තිබුණේ තත්පර 13.79ක් තුළය.

නැවතත් සුරංග ලක්මාල්ගේ පළමු පන්දුවට ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අම්ලාගේ උඩපන්දුව ලබාගත්තත් පන්දුව බිමට පතිත වූ බවට විනිසුරු කේටල්බ්රෝ සඳහන් කරමින් ඔහු නොදැවුණ ක්රීඩකයෙන් බවට නම් කළේය. නමුත් පුනරූපන අනුව පෙනී ගියේ අම්ලා දැවී ගිය ක්රීඩකයෙක් ලෙසයි. ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත්විමට තීරණය කළේය.
