නවදිල්ලියේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් 17 දෙනකු මියගොස් 06 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිස අතර කාන්තාවක හා දරුවකු ද සිටින අතර ගින්න ඇති වූ මොහොතේ ජනේලයෙන් පිටත පැනීම නිසා ඔවුන් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ආර්පිට් පැලස් (Hotel Arpit Palace) නම් හෝටලේ මෙම ගින්න හට ගෙන ඇත්තේ අලුයම 04ට පමණ වන බැවින් හෝටලයේ සිටි බොහෝ දෙනා ඒ වන විට නින්දේ පසු වී ඇතැයි සඳහන්.
ගින්න මැඩපැවැත්වීම සඳහා පැය 03ක පමණ කාලයක් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.