යාපනය, නල්ලූර්, නායර්මාකන්ඩු ප්රදේශයේ නිවසකට ඊයේ (11) සවස කිසියම් පිරිසක් පෙට්රෝල් බෝම්බ ප්රහාරයක් එල්ල කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
මුහුණු ආවරණය කරගෙන පැමිණි කණ්ඩායමක් අදාළ නිවස වෙත පෙට්රෝල් බෝම්බ ප්රහාරය එල්ල කර තිබෙනවා.
ප්රහාරයෙන් නිවසේ නවතා තිබු වෑන් රථයක් සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර, නිවස ඉදිරිපස නවතා තිබු යතුරුපැදි 03කට හා නිවසේ ජනෙල්ද කැඩී ගොස් ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ.
නිවසේ ගේට්ටු වසා තිබු අවස්ථාවක නිවසේ තාප්පයෙන් එපිට සිට ප්රහාරය සිදුකොට ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සිද්ධියෙන් පුද්ගලයින්ට හානියක් සිදුව නොමැති අතර නිවසේ වාහන හා දේපළ වෙනුවෙන් හානි සිදුව තිබෙනවා.
පසුගිය සමයේ යාපනය නල්ලූර්, කෝපායි ඇතුළු ප්රදේශ රැසක මෙලෙස පෙට්රෝල් බෝම්බ ප්රහාර එල්ල වි ඇති බවද ආරක්ෂක අංශ සදහන් කර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.





මාධව කුලසූරිය