Home Tech නැවතත් සද මතට මිනිස්සු යන්න සැරසේ .

නැවතත් සද මතට මිනිස්සු යන්න සැරසේ .

558
0

ඉදිරි දශකයේදී නැවතත් ගගනගාමීන් සඳට ගොස් එහි මතුපිට වැඩි කාලයක් ගතකරමින් මෙම ගවේෂණයෙහි මුලික අරමුණ වෙයි .
සඳ මත වාසය කළ හැකි ලෙසින් ගගනගාමීන් එහි යැවීමට නාසා ආයතනය සූදානම් බව වැඩිදුරටත් කියා සිටීහ .

මේ සදහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේද අනුමැතිය ලැබී ඇති අතර මෙලෙස සද මත ගොඩ බෑමක් සිදු කරන්නේ 1972 වසරෙන් පසුවය. මෙය ඇමෙරිකාවේ අභ්‍යවකාශ සැලසුම්වල ඉදිරි පියවරක් බවත් නාසා ආයතනය පෙන්වා දෙයි.

පළමුව සඳටත් ඉන් අනතුරුව අඟහරු සහ සෙසු ග්‍රහලෝකවලටද මිනිසුන් යැවීමට ඔවුහු අදහස් කරමින් සිටිති.

නව තාක්ෂණික අත්හදාබැලීම් ක්‍රියාවෙහි යෙදවීමටත් සඳ මත විවිධ ස්ථාන ගණනාවක් ගවේෂණය කිරීමටත් ඔවුන් සූදානම් බවත් මෙවර ගගනගාමීන් එහි පා තබන්නේ එහි රැඳී සිටිමින් ගවේෂණය කිරීමට බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

(ස්කයි නිවුස් ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here