තාර අලෙවි කිරීමේදී සිදුවූ අක්රමිකතාවන් නිසා සංස්ථාවට රුපියල් ලක්ෂ තුන්දහස් එකසිය එකොළහකට අධික ප්‍රමාණයක් අහිමි වීම පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ මූල්‍ය වංචාව පිළිබඳ නිදහසට කරුණු දක්වන ලෙසට මේ වනවිට නිලධාරීන් දෙදෙනෙකුට ඛනිජ තෙල් සංස්ථාව විසින් ලිපි යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම 2017 හා 2018 වසරේ මුල් කාලයේදී තාර අලෙවි කිරීමේදී විදේශ රටවලින් මිලදී ගත් මිලට වඩා අඩුවෙන් තාර අලෙවි කිරීම නිසා මෙම පාඩුව සිදුව ඇති බවට සංස්ථාව තුළ සිදුකළ ගණනයකදී හෙළි වී තිබෙනවා.
පසුගිය වසරේ මාර්තු 22 වනදා නිකුත් කළ අභ්‍යන්තර විගණන වාර්තාවකින් මේ පිළිබඳ හෙළි කර තිබුණත් අදාළ නිලධාරීන් විසින් දේශපාලනඥයන්ගේ සහායෙන් මෙම කටයුතු යට ගසාගෙන සිටි බවයි සංස්ථා සේවකයින් සඳහන් කරන්නේ.
මුතුරාජවෙල තාර අංගණයේදී මෙම වංචා ක්‍රියා සිදුව තිබෙන බවත්, රුපියල් පනස්හයක මුදලකට මිලදී ගත් තාර කිලෝවක් රුපියල් 56 සිට රුපියල් 52.65 දක්වා මිල ගණන් වලට හිතවත් ගැනුම්කරුවන්ට අලෙවි කිරීම නිසා මෙම පාඩුව සිදුව තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙනවා.
මෙම මිලට මිලදී ගත් තාර කිලෝවක් ගැනුම්කරුවන් විසින් රුපියල් 65ත් රුපියල් 67ත් අතර මුදලකට අලෙවි කර අති විශාල ලාභයක් උපයා තිබෙන බවයි අභ්‍යන්තර විගණනයේදී හෙළි වී ඇත්තේ.
මේ පිළිබඳ නව පාලන අධිකාරියට පෙන්වාදුන් බවත්, අදාළ ක්‍රියාවට ඍජුවම නිලධාරීන් දෙදෙනෙකු වගකිව යුතු බවද එම පිරිස් පෙන්වා දෙනවා.