මාකඳුරේ මධූෂ් ඩුබායිහි අත්අඩංගුවට පත් වුණු පුවත මාධ්‍ය වල ප්‍රසිද්ධ නොකලා නම් කේපි ගෙනාවා වගේ මධූෂ් ලංකාවට ගේන්න තිබුණා කියා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා මාධ්‍ය වලට දොස් කියනවා අපි දුටුවා . එත් ඒක දූරියන් බොරුවක්. දූරියන් කන කෙනාට සුවඳ වුණාට අනිත් අයට ගඳයි. ඒ වගේ කිරිඇල්ල ඇමතිතුමා මාධ්‍යවලට දොස් පැවරීමත් එයාට රසවත් වුණාට අපිට පිලිකුල් යැයි පා.ම උදය ගම්මන්පිල මහතා පවසනවා .
අද (11) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසන ලදී.
KP නොහොත් කුමාරන් පද්මනාදන් කියන්නේ ලංකාවේ අපරාධ කර මැලේසියාවේ සැඟ වී සිටි අයෙක් වන අතර මැලේසියාවේ අපරාධ කළ අයෙක් නොවෙයි . මේ නිසා ඔහු ඉල්ලූ සැණෙන් ලංකාවට එව්වා. නමුත් මධූෂ් කියන්නේ ලංකාවේ වගේම ඩුබායි වලත් අපරාධ කළ අයෙක් නිසා ලංකාවේ ආණ්ඩුව ඉල්ලූ සැණෙන් කිරිඇල්ල ඇමතිතුමා කියනවා වගේ බෑග් එකක දාලා ගෙනියන්න යන්න දෙන්නේ නැ යයි ගම්මන්පිල මහතා පැවසිය.