පසුගිය වසරේ රාමසාන් සමයේදී මුස්ලිම් බැතිමතුන්ගේ පරිභෝජනය සදහා සෞදි රජය විසින් ලබාදුන් රට ඉඳි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේදී ලබාදෙන බව දැනුම් දුන් බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකාවේ සෞදි තානාපති අබ්දුල් නාසීර් බිල් හුසේන් අල්හාරිස්ති සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
ඉකුත් වසරේදී රාමසාන් උපවාස කාලය අවසාන භාගයේදී රට ඉදි ලැබුන නමුත් මෙවර නියමිත කාලයට ප්‍රථමයෙන් එම තොග ගෙන්වා ගැනීමට තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
මෙම අවස්ථාවට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මලික්, අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් ෆාහිම් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.