Home Local ලොරියක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි – දෙදෙනෙකුට බරපතලයි – PHOTOS

ලොරියක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි – දෙදෙනෙකුට බරපතලයි – PHOTOS

553
0

නාවලපිටියේ සිට නාවලපිටිය මාපකන්ද දක්වා ධාවනය වු ලොරි රථයක් ෆයිනස් වගා රක්ෂිතයේ අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ඊයේ (10) රාත්‍රි 10ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය – මාපකන්ද ප්‍රධාන මාර්ගයේ මාපකන්ද, පන්විල හන්දිය ප්‍රදේශයේදීයි.

අවමංගල උත්සවයකට සහභාගි විම සදහා ලොරි රථය ධාවනය කරවන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයකට ඉඩ ලබදිමට යාමේදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි තිබෙනවා.

අනතුරින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here