සයිබර් යුද්ධයක් සඳහා පෙර සූදානම් වීමක් ලෙස රුසියාව තාවකාලිකව අන්තර්ජාල සබඳතා විසන්ධි කිරීමට සූදානම්ව ඇතැයි ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන අප්‍රේල් 01 වනදාට පෙර ඊට අදාළ සියලු කටයුතු සිදුකෙරෙනු ඇති.
එමඟින් රුසියානු පුරවැසියන් සහ රුසියාවේ පවතින සංවිධාන අතර දත්ත හුවමාරු කරගැනීමට අවකාශය සැලසෙන අතර අන්තර්ජාතිකව දත්ත හුවමාරුව සිදු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් වන නීතියක් පසුගිය වසරේ රුසියානු පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇති අතර එමඟින් අන්තර්ජාලය ස්වාධීනව භාවිත කිරීමට හැකි තාක්ෂණික වෙනස්කම් සිදුවනු ඇතැයි සඳහන්.