ජනප්‍රිය දමිල රංගන ශිල්පී රජිනි ඛාන්ත්ගේ දියණිය සෞන්දර්යා රජිනි ඛාන්ත් සහ රංගන ශිල්පී විශාගන් වනංගමුඩිගේ විවාහ මංගල්‍යයේ පුර්ව විවාහ චාරිත්‍ර කටයුතු පසුගිය (08) වනදා සිට ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රාගවේන්ද්‍ර කල්‍යාණ මණ්ඩපම් හිදී යි.
පසුගිය වසරේ දී විවාහ ගිවිසගත් සෞන්දර්යා – විශාගන් යුවලගේ විවාහ මංගල්‍යයේ අවසන් විවාහ චාරිත්‍ර අද (11) දින චෙන්නායිහි දීම පැවැත්වීමට නියමිත බවයි පැවැත්වෙනු ඇති.
විවාහ උත්සවයට සහභාගී වන මෙන් සිය පවුලේ පිරිසට මෙන්ම පවුලේ සමීපතමයන් සඳහා රජිනි ඛාන්ත් පෞද්ගලිකවම ගොස් ආරාධනා කර ඇති බවත් රංගන ශිල්පී කමල් හසන්ට ද එසේ ආරාධනා කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටිනවා.
වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ආර්. අශ්වින් සමඟ සෞන්දර්යා මින් පෙර විවාහ වී සිටි අතර 2017 වසරේ දී ඔවුන් දෙදෙනා නීත්‍යනුකුලව දික්කසාද වී තිබෙනවා.





