හොර්ටන්තැන්න රක්ෂිතයට අයත් බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සැරිසැරු ගෝනෙකු මරා මස් කර අලෙවි කිරිම සදහා ත්රීරෝද රථයකින් ප්රවහනය කරමින් සිටියදි සැකකරුවන් දෙදෙනෙකු මස් තොගය සමග සැකපිට ඊයේ (10) රාත්රි අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක කේ.සි.ධර්මප්රිය පවසනවා.
මෙම සැකකරුවන් තවත් එක් අයෙක් සමග එක් වි උගුලක් අටවා ඊයේ දහවල් එම රක්ෂිතයේ සැරි සැරු ගෝනෙකුට මස්කර අලෙවි කිරිම සදහා ත්රිරෝද රථයකින් ප්රවහනය කරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය මගින් මෙම වැටලිම සිදුකර තිබෙනවා.
තවත් එක් සැකකරුවෙකු පලා ගොස් ඇති අතර එම සැකකරුද අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනාම හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියා.
මෙම සැකකරුවන් තිදෙනාම බගවන්තලාව පොලිස් වසමට අයත් කැන්පියන් සෙන්විජන්ස් වතුයායේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.





රංජිත් රාජපක්ෂ