සිය අනුමැතියෙන් තොරව තමා මෙලොවට බිහිකිරීමට එරෙහිව ඉන්දියානුවකු සිය මවට හා පියාට විරුද්ධව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස නඩු පවරා ඇත්තේ 27 හැවිරිදි මුම්බායිහි ව්‍යාපාරිකයකු වන රෆායෙල් සැමුවෙල් (Raphael Samuel) නමැත්තෙකි.
කෙසේ නමුත් තමාට තම මව සහ පියා සමග පෞද්ගලික තරහක් හෝ වෛරයක් නැති බවයි ඔහු සඳහන් කර සිටින්නේ.
”අපි මෙලොවට බිහිවුණේ අපේ කැමැත්තෙන් නොවේ. ඒ නිසා අපිට ජීවත්වීම උදෙසා යම් වන්දියක් හෝ ලැබිය යුතුයි” යනුවෙන් රෆායෙල් සැමුවෙල් පවසනවා.
සැමුවෙල්ගේ මවුපියෝ නීතිඥයින් වන අතර ඔහුගේ මව වන කවිතා සැමුවෙල් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ තම දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීම සඳහා සිය පුතා ගත් සාහසික තීරණය අගය කරන බවයි.
කෙසේ නමුත් ඔහු මෙලොවට බිහිකරනු ලැබුවේ දරුවාගේ කැමැත්තකින් තොරව බව තමා පිළිගන්නා බව ඇයද පවසනවා.
මේ නඩු පැවරීම සම්බන්ධයෙන් බොහෝ විවේචනද එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.