පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම්දී දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවයි.
පාර්ලිමේන්තු මන්ත්රි චමින්ද විජේසිරිට එරෙහිව ගනු ලබන ක්රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය මගින් කථානායකවරයා දැනුවත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.