බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා නැවත අයදුම්පත් කැඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ පවසනවා.
මෙවර අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටයි.
මීට පෙර අයදුම්පත් කැඳවු අවස්ථාවේ දී පුද්ගලයන් තෝරා ගැණුන ද ඔවුන් තනතුර අතහැර යාම හේතුවෙන් නැවත අයදුම්පත් කැඳවා තිබෙනවා.
අයදුම්කරුවන් සා.පෙළ විභාගය සාමන්ය සාමාර්ථ 02ක් සහිතව සමත් විය යුතු අතර වයස අවුරුදු 45 නොඉක්මවිය යුතු වනවා.
එසේම කලින් කැඳවු අයදුම්පත් ද නැවත සළකා බලන බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියේ.