වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දීය සංචාරයක් සදහා අද (08) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.
ඔහු සමඟ දූත පිරිස 07ක් එක්ව සිටි අතර නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම සහ ජී.එල්.පීරිස් යන ඒ අතර වනවා.
මෙම පිරිස අද දින සවස 7.10ට ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් සේවයේ UL – 171 දරන ගුවන් යානයෙන් මෙම ඉන්දීය සංචාරය සදහා පිටත්ව ගියා.
ටී.කේ.ජී.කපිල