Home Local මළ සිරුරක් කන්දතොඩුවාව වෙරළට ගොඩ ගසයි

මළ සිරුරක් කන්දතොඩුවාව වෙරළට ගොඩ ගසයි

220
0

මසුන් මැරීම සදහා මුහුදු ගිය ධීවරයෙකුගේ මළ සිරුරක් කන්දතොඩුවාව වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව මුන්දලම පොලීසිය පවසයි .
පෙබරවාරි 07 වැනිදා හවස මෙම මළ සිරුර හමුවී ඇත.
මිය ගොස් ඇත්තේ මාම්පූරිය – දළුව,ඇල කන්ද පාර පදිංචිව සිටි වර්ණකුල සම්පත් මෙන්ඩිස් විජේනායක නමැති 53 හැවිරිදි පුද්ගලයෙක් බවට ඔහුගේ ඥාතීන් විසින් හදුනා ගෙන ඇත.
මිය ගොස් ඇති පුද්ගලයා පසුගිය 05 වැනිදා මසුන් මැරීම සදහා මුහුදට ගොස් ඇති අතර එම අවස්ථාවේදී මුහුදට වැටෙන්නට ඇතියි විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර .
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here