හෙට සිට වැසි තත්වයේ වැඩි විමක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව දිවයිනේ බෝහෝ ප්‍රදේශ වල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවයි වාර්තා වන්නේ.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඔ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මී.මී.100 වැඩි තද වැසි බලාපොරොත්තු වේවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.
ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මී.මී.75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.