මිරිස්ස වරාය ආශ්රිතව පවත්වාගෙන යන නිල් තල්මසුන් හා ඩොල්ෆින් නැරැඹීමට පැමිණෙන දේශිය සහ විදේශීය සංචාරකයන් සඳහා පසුගිය 01 වනදා සිට ප්රවේශපතක් නිකුත් කිරීම අනිවාර්ය වී තිබෙනවා.
ඒ අනුව දේශිය වැඩිහිටියන් සදහා රුපියල් 150ක් ද දරුවන්ගෙන් 75ක්ද විදේශීය සංචාරකයකු ඩෝලර් 15හා තවත් ඩෝලරයක් බදු වශයෙන් ද අයකරගනු ලබනවා.
විදෙස් දරුවන් සදහා ඩොලර් හතහමාරක්ද දේශීය පාසල් දරුවන්ගෙන් රුපියල් 05ක් සේවා ගාස්තු වශයෙන් ද අයකර ගනු ලබනවා.
ඒ අනුව සතියක කාලයක රජයට අත්පත්කර ගත් මුදල කෝටි එකහමාර පසුකර ඇතැයි මිරිස්ස වනජීවි කාර්යාලය පවසනවා.
තරංග ගුණරත්න