Home Hit මාකඳුරේ මධුෂ් ඇල්ලූ බව මෙතෙක් ලිඛිතව දන්වා නෑ

මාකඳුරේ මධුෂ් ඇල්ලූ බව මෙතෙක් ලිඛිතව දන්වා නෑ

748
0

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් විසිදෙදෙනා මෙරටට ගෙනඒම සඳහා ඩුබායි රජය සමග රාජතාන්ත‍්‍රික මට්ටමින් සාකච්ඡා කළයුතු බව පොලිස් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

සැකකරුවන් මෙරටට ගෙන ඒම සඳහා පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් මේ වනතුරු කිසියම් කි‍්‍රයාමාර්ගයක් ගැනීමට නොහැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහන් කරනවා.

කෙසේ වෙතත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට ඩුබායි රජය හෝ එරට පොලිසිය මේ වනතුරුත් ශ‍්‍රී ලංකාවට ලිඛිත දැනුම්දීමක් කර නොමැති බවයි.

මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් පිරිස ඩුබායි පොලිසිය වෙත අල්ලා දීමේ මෙහෙයුමට සම්බන්ධ ශ‍්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් පිරිසක් පෙරේදා (05) රාත‍්‍රි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී එම මෙහෙයුම පිළිබඳව සියලූ තොරතුරු ජනාධිපතිවරයාට හෙළිකර තිබෙනවා.

ඒ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කි‍්‍රයාකළ යුතු බවයි.

මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට සහභාගී වෙමින් සිටි කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයා සහ ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නළුවකු මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක වෙද්දී හොර රහසේම පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

මොවුන් දෙදෙනාද අත්අඩංගුවේ සිටින බවට තොරතුරු පොලිසිය වෙත මුලින් ලැබී තිබුණද ඊයේ (06) වනවිට දැනගන්නට ලැබුණේ ඔවුන් ඩුබායි පොලිසිය භාරයේ නොසිටින බවයි.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here