අද පෙරවරුවේ සන්ධාන මන්ත්රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්රියාවිරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී සිට තිබෙනවා.
මේ පිළිබඳව පාර්ලිමේන්තු සභාගර්භයේ ඇතිවූ සංවාදය පහතින්.
විමල් – අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න.
කථානායක – මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්.
විමල් – කණගාටුවෙලා හරියන්නේ නැහැ තව ඩිංගෙන් හුස්ම ටික නැතිවෙනවා.
දිනේෂ් ගුණවර්ධන – හදිසි දුරකතනය භාවිත කළත් විනාඩි 25ක් පමණ සෝපාන ක්රියාකරු සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා. මම පාර්ලිමේන්තුවට ආවේ 1983. මේ වගේ දෙයක් වුණේ පළමු අවස්ථාවටයි. අපිට සෝපානයක මැරෙන්න බෑ.
සරත් ෆොන්සේකා – (දිනේෂ්ට පිළිතුරු දෙමින්) විදුලි සෝපානය භාවිත කරන්න බයයි නම් පඩිපෙළ භාවිත කරන්න. එක අවස්ථාවකින්ම කැඩෙන යන්ත්ර නෑ.