ශ්‍රීලනිපයේ කවුරු කෙසේ කීවද තමා ජාතික ආණ්ඩුවක් තැනිම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු වුවහොත් එයට පක්ෂව ඡන්දය ලබාදෙන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවැන්නක්,
”ශ්‍රීලනිපයේ අපිට කලින් විනය පරීක්ෂණ තියන්න ඕන කට්ටිය ඉන්නවා. මම දයාසිරිට කියනවා මුලින්ම එහෙනම් ඒ අයට විනය පරීක්ෂණ තියන්නේ කියලා. ඔය දයාසිරි අරහේ මෙහෙ පැන පැන ඉන්නකොට අපි ඔය පක්ෂය දිනෙව්වේ. එයාට බෑ එහෙම කියන්න, ඔය විනය පරික්ෂණ තියෙනවා නම් මුලින්ම තියන්න ඕනි ජනාධිපතිතුමාට. ශ්‍රීලනිපයේ ඉතිහාසයේ එහෙම පරීක්ෂණ තිබුනෙ නෑ. මේ පාරත් එහෙම තියන්න බෑ. ඒකට පූර්වාදර්ශයක් නෑ. අපි කලිනුත් හිටියේ ජාතික ආණ්ඩුව තුළ. ඉදිරියේදීත් ජාතික ආණ්ඩුවක් ගැන මතයක් ඇහුවොත් මගේ ඡන්දය පක්ෂව ලබා දෙනවා. මට ඇමතිකම් තිබුණත් එකයි, නැතත් එකයි. මම ඉන්න තැනට හැමදාම කැපවෙලා වැඩ කරපු මිනිහෙක්. ඉදිරියටත් ඒ වගේම වැඩ කරනවා.”