විදෙස් රටවලින් ලංකාවට ගෙන්වන කිරිපිටි වල ඌරු තෙල් ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වන්නේද යන්න පිළිබඳ පාරිභෝගික අධිකාරියෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලිමේන්තුව සුදානම් වනවා.
මෙම වාර්තාව ලැබීමෙන් පසු ආනයනික කිරිපිටි වල ඌරු තෙල් ඇතුළු විෂ රසානික ද්‍රව්‍ය අඩංගු දැයි සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කිරීමට කටයුතු කිරීමට හැකි බව ඊයේ (06) පාර්ලිමේන්තුවේ අවධානයට ලක්වුණා.
ආනයනික කිරිපිටි වල ඌරු තෙල්, මෙලමයින් මෙන්ම විෂ රසායනික ද්‍රව්‍ය ඇති බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සමස්ත ජාතියටම බලපාන ප්‍රකාශයක් බැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
තේරීම් කාරක සභාවක් පත්කිරීමට පෙර පාරිභෝගික අධිකාරියෙන් වාර්තාවක් කැඳවීම සුදුසු බවත්, එම වාර්තාව අනුව තේරීම් කාරක සභාවක් පත්කිරීම සිදුකළ හැකි බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එ අනුව පාරිභෝගික අධිකාරියෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලිමේන්තුව එකඟ වී තිබෙනවා.