රට පත්ව ඇති අරාජික භාවයෙන් මුදා ගැනිමටනම් කඩිනමින් ජාතික මැතිවරණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක සඳහන් කර සිටිනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නැගෙනහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් අනුර කුමාර දිසානායක මන්ත්රීවරයා මෙම අදහස් පල කර සිටියා.