ලක්ෂ ගණනක් සරණාගතයන් දුෂ්කර දිවි ගෙවද්දී ඔවුන්ට සහාය වීමට ලෝකවාසීන් අපොහොසත්වීම කණගාටුවට කරුණක් බව ජනප්‍රිය නිළි, ප්‍රකට සමාජ සේවිකා ඇන්ජලීනා ජොලී පවසනවා.
ඇය මෙසේ ප්‍රකාශ කළේ බංගලාදේශයේ සරණාගත කඳවුරු වල රැඳී සිටින රොහින්ග්යාවරුන් හමුවීමට පැමිණි අවස්ථාවේ දීයි.
ඇය පවසන්නේ එවන් කඳවුරු වල සිටින රැඳවියන් වෙනුවෙන් සහන සැලසීමට ජාත්‍යන්තරය අපොහොසත් වී ඇති බවයි.
එම නිසා රොහින්ග්යාවරුන්ට සරණාගත රැකවරණ ලබාදීම සම්බන්ධයෙන් බංගලාදේශ රජයට ස්තූතිවන්ත වන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.
ඇන්ජලීනා ජොලී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබද විශේෂ නියෝජිතවරියක ලෙස ද කටයුතු කරනු ලබනවා.