මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගේ නිවෙස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මීට ටික වේලාවකට පෙර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අමල් පෙරේරා සහ රයන් වැන් රෝයන්ගේ සහෝදරයින් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි.
ගායන ශිල්පී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතය සඳහා උපයෝගී කර ගන්නා උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බවට සැක සහිත ගමන් මල්ලක් සහ මත්ද්‍රව්‍ය මැනීම සඳහා යොදා ගන්නා ඩිජිටල් තරාදියක් රයන් වැන් රෝයන්ගේ නිවසේ තිබී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දීමට නියමිතයි.