ශ්රී ලංකාවේ මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57,000කට අධික බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසනවා.
පාර්ලමේන්තුව තුළ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්රශ්නයක් යොමුකරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව පවසමින්, වත්මන් රජය 50,000කට ආසන්න උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණවලට කැදවීමට ඉකුත් වසරේ කටයුතු කළත් ඉන් රැකියා ලබාදී ඇත්තේ පන්දහස් එකසීයක් (5100) පමණක් බව ද ඔහු පෙන්වා දෙනවා.