ඉදිරි වර්ෂ කීපයේදී ජපන් අහසේ පියාඹන මෝටර් රථ දැකීමට හැකිවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සඳහා අත්හදා බැලීම් සිදුකරමින් පවතින අතර 2030 වනවිට පියාසර කළ හැකි මෝටර් රථ 1000 ක් නිපද වන බවයි වාර්තා වන්නේ.
එලෙස නිෂ්පාදනය කරනු ලබන පියාඹන මෝටර් රියක වේගය පැයට කිලෝමීටර් 250 ක් ලෙසයි සඳහන් වන්නේ.
එම පියාඹන මෝටර් රථවලට අඩි 1000 සිට 2000 දක්වා උසකින් යා හැකි බවත් සඳහන්.
බැටරියකින් සමන්විත මේ පියාඹන මෝටර් රථවලට වරකට සැතපුම් 100ක් පියාසර කිරීමේ හැකියාවක් පවතිනවා.
පියාඹන මෝටර් රථ නිසා ජනතාවට අඩු මිලකට එම රථවල ගමන්කළ හැකිවනු ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.


