පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ඊයේ (05) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඒකමතික අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ විශ්‍රාම යෑමට නියමිතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි එම්. ආර්. ලතිෆ් මහතා එහි ආරම්භක සාමාජිකයකු වූ අතර පාතාල මර්දනයට සහ මත්ද්‍රව්‍ය මර්දනයට ප්රමුඛ දක්ෂතා දැක්වූ කාර්යශූර නිලධාරියෙකි.