පුරා සතියක කාලයක් පැවැති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්රියාමාර්ගය අත්හිටුවිමට රේගු නිලධාරින් තීරණය කර තිබෙනවා.
රේගු නිළධාරින්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව සඳහන් කළේ රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට මුදල් අමාත්යංශය විසින් දැනුම්දීමත් සමග වෘත්තිය සමිති ක්රියාමාර්ගය අත්හිටුවිමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව අද (06) උදෑසන සිට සියලු රේගු අංශ සුපුරුදු පරිදි සේවයේ නිරත වනවා.