පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහි හෝටලයකදී ඊයේ (05) අත්අඩංගුවට පත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකුද සිටින බවට වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කාලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කරනු ලබනවා.
මධුෂ් ඇතුලු සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් බලධාරීන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.
කාලීජ් ටයිම්ස් වාර්තාවේ දැක්වෙන්නේ ඩුබායි පොලිසිය සහ ශ්‍රී ලංකා බළධාරීන් එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් සතුව තිබූ කොකේන් ඇතුලු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.