අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරිනානු නායක කිම් ජොන් උන් අතර දෙවන න්‍යෂ්ටික සමුළුව පිළිබඳව නිවේදනය කර තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සිය දෙවන න්‍යෂ්ටික සමුළුව මෙම මාසයේ 27 සහ 28 දෙදින වියට්නාමයේ දී පවත්වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කළ බවයි.
ට්‍රම්ප් ජාතිය අමතමින් මේ බව සඳහන් කර තිබෙනවා.
මෙහිදී ඔහු ජාතිය අමතා ඇත්තේ ‘ශ්‍රේෂ්ඨත්වය තෝරා ගැනීම’ යන්න තේමා කර ගනිමිනි.
අමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කරමින් මායිම් තාප්පය ඉදිකිරීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී ප්‍රතිඥා දී තිබෙනවා.
ට්‍රම්ප් අමෙරිකාවේ වටිනාකම් අත්තනෝමතික ලෙස කඩ කරන බවට ඩිමොක්රටික් පාක්ෂිකයෝ චෝදනා කර සිටිනවා.
ඔවුන් පවසන්නේ, ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය හමුවේ අමෙරිකානු ආණ්ඩුව අක්‍රීය වීම ඉතිහාසගත වූ බවයි.