Home Local අයහපත් කාලගුණයෙන් මධ්‍යම පළාතේ වගා හානි

අයහපත් කාලගුණයෙන් මධ්‍යම පළාතේ වගා හානි

795
0

මධ්‍යම පළාතට දින කිහිපයක් තිස්සේ බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක කුඹුරැ වගා රැසකට හානි සිදුව ඇතැයි ගොවිහු පවසනවා.

දිනපතා වරින් වර පතිතවන වර්ෂා තත්ත්වය හා සූළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගොයම් බිම පෙරලීම හේතුවෙන් මෙවර අස්වැන්න පිළිබද අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂා තත්ත්වය හේතුවෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පමණක් නාලන්ද මහ වෙල්යාය, නාඋල වෙල්යාය, අඹන මහ වෙල්යාය හා සෙසු ප්‍රදේශ රැසක මෙවර වගාකර ඇති කුඹුරැ රැසක ගොයම් පෙරලීම හේතුවෙන් වී ඇට විනාශවීම සිදුවෙමින් පවතින බව ගොවීන් පවසනවා.

වර්ෂා තත්ත්වය හමුවේ වගාබිම් වල ජලය බැස යාම සදහා පිළියම් යෙදුවද රාත්‍රි කාලයේ දී මීයන්ගේ හානි හා දහවල් කාලයේ දී පක්ෂින්ගේ හානි වී වගාවන්ට පැමිණිමේ වැඩි ප්‍රවනතාවක් මේ වන විට ඇති වී තිබෙනවා.

කන්න ආරම්භයේ සිට නිසි කලට වගාකර ඇති කුඹුරැ රැසක් මේ වන විට පීදුම් තත්ත්වයේ පැවතීම හා උස්ව වැඩි තිබීම ගොයම් ගස් විනාශ වීම කෙරෙහි බලපා ඇති බව ගොවින්ගේ අදහසයි.

කෙසේ වෙතත් මධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් පළාත් කාලගුණ විද්‍යා දෙපාර්මේතන්තුවෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉදිරි දින කිහිපයේ දී වර්ෂා තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here