ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු ලෙස සැළකෙන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සිටින බවයි වාර්තා වන්නේ.
පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ප්රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 05 දෙනෙකු ද සිටින බවයි.
ඉන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර, කන්චිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිසක් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.