හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ පැරණි නගරයේදී සිදුවී ඇති අනතුරකින් 07 දෙනෙකු තුවාල ලබා ප්රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.
අද (05) අළුයම 04ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.
කිලිනොච්චියේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ කොළඹ සිට ආරච්චිකට්ටුව දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරත් සමග එක් වෑන් රථයක් මාර්ගය මැද පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කිලිනොච්චියේ පදිංචිකරුවන් වනජයකුමාර් (43), ජීවරත්නම් (55), ෆව්සියා (24)යෝගේෂ්වරන් (56) සහ ආරච්චිකට්ටුවේ පදිංචිකරුවන් වන අසික මධුවන්ත (30), අමල් ධනුෂ්ක (32) සහ රසිකා (36) නම් පිරිසකි.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරනු ලබනවා.




ජුඩ් සමන්ත