ශ්රී ලංකාවේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකට් විදිනය ඊයේ (04) පැවති 71 වන නිදහස් දින උළෙලේදී ජාතියට ප්රදර්ශනය කෙරුණා.
මීට මාස කිහිපයකට පෙර නිෂ්පාදිත මෙම අවිය කෙරෙහි දෙස් විදෙස් නියෝජිතයන්ගේ වැඩි අවධානයක් යොමුවුණා.
මෙවන් අධිතාක්ෂණික අවියක් නිෂ්පාදනය කෙරෙන බව මීට පෙර හෙළි වී නොමැති අතර මෙම රොකට් විදිනය නිපදවීම සඳහා තාක්ෂණය ලබාදුන්නේ කුමන රටද යන්න තානාපතිවරුන් විමසන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.