රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 07 වන දිනටත් ක්‍රියාත්මක වනවා.
රේගු නිලධාරීන් පෙන්වා දෙන්නේ සතියක කාලයක් ගත වී ඇතත් මේ දක්වාත් තම ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන නොමැති බවයි.
අධ්යක්ෂ ජනරාල්වරිය මාරු කිරීමට ගනුලැබූ කැබිනට් තීරණය අද දිනය තුළ නිවැරදි නොකළ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බව ද රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සහකාර ලේකම් සුදත් ද සිල්වා සදහන් කළේ දැනට ක්‍රියාත්මක අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා දැඩි කිරීමට පියවර ගන්නා බවයි.
සිය වැඩ වර්ජනය හේතුවෙන් රජයේ අදායම පහළ යමින් ඇතැයි ද ඔහු සඳහන් කර සිටිනවා.
වැඩ වර්ජනයට සහය පළ කරමින් බහාලුම් ප්‍රවාහන කටයුතු වලින් ඉවත්වීමට ප්‍රවාහන සංගම් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අද දිනයේ පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳසැල් වසා දැමීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ තොග වෙළෙඳුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ නිශ්කාෂණ කටයුතු ඇනහිට ඇති අතර ඒ හේතුවෙන්, ආනයනකරුවන් සහ තොග වෙළඳුන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.