යාපනය රෝහල් හෙද නිළධාරීන් හා නිළධාරිනියන් අද (05) උදෑසන සේවයෙන් බැහැරව සංකේත වැඩ වර්ජනයක නිරතවුණා.
ඒ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවය කළ හෙද නිළධාරීන් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් සමස්ත රෝහල් හෙද සේවය වෙත චෝදනා එල්ලවීම නිවැරදි කරන ලෙසට ඉල්ලමින්.
යාපනය රෝහල හෙද සේවයේ දෙදෙනෙකු සම්බන්ධයෙන් වන නොමනා හැසිරීමක් සම්බන්ධයෙන් වන ක්‍රියාවක් අදාළ වන ප්‍රචාරයක් සම්බන්ධයෙන් යාපනය රෝහල් සමස්ත හෙද සේවයේ පිරිස් අපහසුතාවයට පත් කිරීමට විරුද්ධවයි අදාළ පිරිස වර්ජනයේ නිරත වූයේ.
වැරදිකරුවන් වහා හෙළිකරන ලෙසයි රෝහල් පරිපාලනයෙන් ඉල්ලීම් කරමින් අදාළ පිරිස වැඩ වර්ජනයේ නිරතවූයේ.
වැඩවර්ජනයට එක්වුවන් පැවසූවේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාව සම්බන්ධයෙන් යාපනය රෝහල් පරිපාලනය අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අදාළ නිළධාරීන්ට විරුද්ධව කටයුතු කළ යුතු බවයි.
විරෝධතාවය වෙනුවෙන් රෝහල් හෙද නිළධාරි සංගමයේ නියෝජිතයින් එක්ව සිටියා.
මාධව කුලසූරිය