2019 වසරේ ඇස්තමේන්තුගත රජයේ වියදම රුපියල් බිලියන 2,312ක් බව වාර්තා වනවා.
මුදල් අමාත්‍යවරයා විසින් අද (05) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනතට අනුව, අයවැය කතාව මාසයකට පෙර ඉරිපත් කිරීම සාමාන්‍ය සම්ප්රදායයි.
ඒ අනුව මෙවර වැඩිම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට වන අතර එම මුදල රුපියල් බිලියන 390.3ක් ලෙසයි සඳහන් වන්නේ.
ඉන්පසු අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 290.2 ක් වෙන්කර තිබෙනවා.
එසේම ජනාධිපතිවරයාට රුපියල් බිලියන 13.55ක් වෙන්කර ඇති අතර අග්‍රාමාත්‍යවරයාට වෙන්කර ඇත්තේ බිලියන 1.62ක මුදලකි.
විපක්ෂ නායකවරයාට රුපියල් මිලියන 950 ක් වෙන් කර ඇති අතර පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා රු. බිලියන 3.58ක් වෙන්කර තිබෙනවා.
මේ අතර ජාතික මැතිවරණ කොමිසම සඳහා රුපියල් බිලියන 4.84 ක් වෙන්කර තිබෙනවා.
කැබිනට් නොවන අමාත්‍යංශ 04ක් වන ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ, විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය,
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය , බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශය සඳහා පිළිවෙලින් රු. බිලියන 3.69ක්, රු. බිලියන 5.14 ක්, රුපියල් මිලියන 180 ක් සහ රු. බිලියන 3.2ක මුදලක් වෙන්කර තිබෙනවා.