කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05) දින අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළදී මියගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා සඳහන් කර සිටියා.
මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසන්නේ.
මොහු අද දින උදෑසන 6.10ට කටුනායක ගුවන් තොටුපළ වෙත කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 230 දරන ගුවන් යානයේ ගමන් ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිනු ලබනවා.
ටී.කේ.ජී.කපිල