සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගන්නට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
ඒ කැන්බරාහි පැවති දෙවන ටෙස්ට් තරගය ළකුණු 366කින් ජයගැනීමත් සමගයි.
මෙහිදී ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට රැස්කල ළකුණු සංඛ්‍යාව 534 ක්.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 215 ක් ලබාගත්තා.
කඩුලු 3 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියදී ඔස්ටේ්රලියාව සිය දෙවන ඉනිම අත්හිටවූ අතර ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිළට හිමිවූ ඉලක්කය ලකුණු 516 ක්.
එය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 149 ක් පමණයි.
මෙම තරගයේදී කිසිදු ලාංකිය පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකල අතර පළමු ඉනිමේදී වාර්තා වූ එකම අර්ධ ශතකය වූ ලකුනු 59 රැස්කලේ දිමුත් කරුණාරත්න විසින්.
දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හය දෙනෙකු ලකුණු දහයේ සීමාවට අඩුවෙන් දැවී ගියා. පළමු ඉනිමේදී ලකුණු 54 කට කඩුලු 5 ක් දවා ගත් මිචෙල් ස්ටාර්ක් දෙවන ඉනිමේදීද ලකුණු 46 කට කඩුලු 5 ක් දවා ගත්තේ ශ්‍රී ලංකා පිළ දැඩි අසීරුතාවකට පත් කරමින්.
ඒ අනුව 2019 වසරේ මුහුණදුන් පළමු ටෙස්ට් තරගාවලියෙන්ම දැවැන්ත පරාජයක් අත්විඳීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට සිදුවුනේ.
ශ්‍රී ලංකා පිළේ මීලග තරග සංචාරය යෙදී ඇත්තේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගයි.
ටෙස්ට් තරග 02ක් / එක්දින තරග 05 ක් හා විස්සයි විස්ස තරග 3 ක් ඊට ඇතුළත්.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 17 වනදා ඩර්බන් හීදී ආරම්භ වීමට නියමිතයි.