මෙරට වැඩිහිටි ජනගහනයෙන් 5 – 7% අතර සංඛ්‍යාවක් විෂාදයෙන් පෙළෙන බවට කරුණු හෙළි වී ඇතැයි ද ඒ අනුව ලංකාවේ වැඩිහිටියන්ගෙන් ලක්ෂ 12කට ආසන්න පිරිසකට මෙම රෝගී තත්ත්වය පත්ව ඇතැයි ද කොළඹ විශ්වවිද්‍යාලයේ මානසික වෛද්‍ය විද්‍යා පිළිබඳ මහාචාර්ය රවීන් හංවැල්ල පවසනවා.
ලෝක සෞඛ්‍ය පර්යේෂණ අනුව වසර 2022 වනවිට මිනිසාට වඩාත් පීඩාකාරී රෝගය බවට විෂාදය (Depression) පත්වනු ඇතැයි ද මහාචාර්යවරයා සඳහන් කර සිටිනවා.
මානසික රෝග තත්ත්වයක් වන විෂාදය හෘදයාබාධ, පිළිකා යන රෝග තත්ත්ව පරයමින් දැනටමත් වඩාත් පීඩාකාරී රෝග අතර දෙවැනි තැනට පත්ව ඇතැයි ද ඔහු අනාවරණය කර සිටියා.
විෂාදයෙන් පෙළෙන බොහෝ දෙනෙකු තමන් විෂාදයෙන් පෙළෙන බව දැන නොසිටින්නේ යැයි ද එනිසා වේගවත් සමාජ රටාවක නිරත සියලු දෙනා මේ ගැන දැනුවත්වීම වැදගත් යැයි ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
බිඟුන් මේනක ගමගේ